Sunday, August 12, 2012

Internet Money ගැන දැනගත යුතුම ඉතා වැදගත් කරුණු

ඉතා පහසුවෙන් අන් කවර දේටත් වැඩ අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිය කිවහොත් එය සම්පුර්ණයෙන්ම  වැරදිය.එහෙත් අනෙක්රැකියා මෙන් අන්තර්ජාලය හරහා මුදල් උපාය ගැනීමේ සාදාරණ හා කල්ගතවන ක්‍රම රාශියක් ඇත. ඒ වැනි ක්‍රම කිහිපයක් ගැන දැන් කියන්නම් ........
         
             ඔබ වෙබ් පිටු නිර්මාණකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු, මෘදුකාංග සංස්කරණ ඉංජිනේරුවෙකු , නම් ඔබට අන්තර්ජාලය හරහා පාරිබෝගිකයන් පිරිසක් බිහි කර ගැනීමේ හැකියාවක් ඇත. තම නිර්මාණවල විස්තර හැ මිල ගණන් ප්‍රසිද්ද කොට ඇනවුම් ලබාගැනීමට හැකිය.තමන්ගේ වෙබ් අඩවියක් ස්ථාපනය කිරීම මගින් මෙන්ම වියාපාරික කටයුතු සදහා විද්‍යුත් ලිපින සපයන ඉලෙක්ට්‍රොනික් ඩිරෙක්ටරයකින් සොයාගත් ඉ-මේල් ලිපින වෙත දැන්වීම් යැවීමෙන් මෙම පාරිභෝගිකයන් දින ගැනීම කල හැක.

              තමන් සතුව තිබෙන විකිණිය හැකි භාණ්ඩ පිළිබද එබ පිටු මගින් මහජනයා දැනුවත් කිරීම හරහා හොද වෙළදපොලක්ලබා ගත හැකිය.



             විවිධ  විශේෂාංග සහිත වෙබ් අඩවි නිර්මාණය කර එය ප්‍රසිද්ධ වූ පසුව ඒ වෙබ් අඩවිය තුල වෙළද දැන්වීම් ප්‍රචාරය මගින් මුදල් ඉපයිය හැකිය. මෙහිදී වෙළද දැන්වීම් ලැබීම හැ මිල තිරණය වන්නේ ඔබගේ වෙබ් අඩවියේ ජනප්‍රියත්වය මතය.පුවත්පත් සමාගම් තම පුවත්පතේ ඉන්ටෙර්නෙට් සංස්කරණ (Internet Edition) නොමිලේ ලබාදෙමින් එය කියවන්නට වෙළද දැන්වීම් ඉදිරිපත් කර ලබා උපාය ගනී.

              තමන්ගේ වෙබ් අඩවියක් තුලට Yahoo හෝ  Google වැනි ජනප්‍රිය වෙබ් අඩවියකට හයිපර්ලින්ක්(hyperlink) දීමෙන් වැඩි ආයාසයකින් තොරව මුදල් උපයා ගත හැකිය.එම හයිපර්ලින්ක් එක ඇතුලත් කිරීමට පෙර එම ජනප්‍රිය වෙබ් අඩවියේ ලියාපදිංචි වී එයින් ලැබෙන කේතය(code) තමන්ගේ වෙබ් පිටුව තුලට අතුලුකල යුතුවේ. එය ඉබේටම තමන්ගේ වෙබ් පිටුව තුලට වෙළද දැන්වීම් එක් වෙයි. තමන්ගේ වෙබ් අඩවිය භාවිතා කරන්නන් එම හයිපර්ලින්ක් මත ක්ලික් කර ඒවා බැලීමේදී තමන්ගේ ගිණුමට මුදල් බැරවේ. එසේම එම දැන්වීම් ඔස්සේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය තුලින් මිලදී ගත්තේ නම් ඉන් කොමිස් මුදලක් ඔබගේ ගිණුමට බැරවේ.නිශ්චිත කල සීමාවක් තුලදී මෙම මුදල් චෙක්පතක් මගින් ගෙදරටම ලැබේ.මෙයින් ලැබෙන අදායම තමන්ගේ වෙබ් අඩවියේ ජනප්‍රියත්වය මත රද පවතී.ගුගල් ඇඩ්සෙන්ස් යන මේ ක්‍රමයට ගූගල් සමාගම පවත්වාගෙන යන වෙළද දැන්වීම් ප්‍රචාරණය කිරීමේ ක්‍රමයකි.

               BPO ( Business Process Outsourcing) ලෙස හැදින්වෙන අන්තර්ජාල රැකියා මාදිලියක්ද පවතී.මෙහිදී විවිධ සමාගම් හා වෙළද ආයතන සදහා මානව සම්පත් අන්තර්ජාලය හරහා දුරස්ථව සපියම සිදුකරයි. පිටරටක යම් ආයතනයක පැවැත්වූ සාකච්චාවක විස්තර ලබා දුන් විට එහි වාර්තාව පිළියෙළ කිරීම දැක්විය හැකිය. නැතහොත් යම්  වෙළද ආයතනයක ගනුදෙනු සම්බන්ද විස්තර අනුසාරයෙන් එහි ගිණුම් සැකසීම දැක්විය හැකිය. මේ සදහා ආයතනවල විශ්වාසය දිනාගත යුතුවාක් මෙන්මඉතා ඉහල මට්ටමේ ප්‍රමිතීන්ට අනුව ඉතා ඉහල නිපුනතාවක්ද ඒ තුල තිබිය යුතුය.

                    එසේම සමහර වියාපාරික වෙබ් අඩවිවල නියෝජිතයන් සේ පත් විය හැකිය.ඉන්පසුව එම වෙබ් අඩවි තුලින් විකුණන භාණ්ඩ හෝ සේවා ඉ - මේල් හැ චැට් කිරීම මගින් අන්තර්ජාලට එකතු වී සිටින වෙනත් අයට මෙම තොරතුරු ප්‍රචාරය කල යුතුය.ඒ සදහා ඒ ඒ රටවල වාණිජ නීතිවලට අනුකුල විය යුතුය. ‍‌ප්‍රචාරය ලබා දෙන යම් භාණ්ඩයක් අලෙවි වුවහොත් කොමිස් මුදලක් ලැබේ.

                     මේ අනුව අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට  විශේෂ නිපුණතා තිබිය යුතුවාක් මෙන්ම ඉතා ඉක්මනින් විශාල මුදලක් ඉපැයීමද කල නොහැක.මේ නිසා අන්තර්ජාල වියාපාර අවස්ථා සදහා

No comments:

Post a Comment